Thursday, April 25, 2024

General line - 0115112241

කෝප් කමිටුවේ ලේඛන අනතුරක




කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ ලියකියවිලි අනාරක්ෂිත වී ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. තවත් අඩුපාඩු රැසක් ද කෝප් කමිටුවට තිබෙන බවයි ඔහු පවසන්නේ.

තමන්ට වෙනම වාහනයක් ලබාදීමට රජය මුදල් වෙන්කර ඇතැයි ප‍්‍රසිද්ධ කිරීමෙන් ඇතැම් අය උත්සහ කරන්නේ කෝප් කමිටුවේ විමර්ශන යටපත් කිරීමට බවද ඔහු ප‍්‍රකාශ කළා.

එවැනි වාහනයක් සඳහා තමන් ඉල්ලීමක් හෝ කර නොමැති බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 9ක් වෙන්කර ඇතැයි ඇතැම් සතිඅන්ත පුවත්පත් ඉකුත් දා වාර්තා කර තිබුණා.