Saturday, April 20, 2024

General line - 0115112241

ප‍්‍රංශයේ කොර්සිකා වෙරළට බුර්කිනි තහනම් වෙයි




ප‍්‍රංශයේ කොර්සිකා වෙරළ තීරයේදී බුර්කිනි හෙවත් මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන මුළු ශරීරයම ආවරණය වන නාන ඇඳුම් තහනම් කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ කොර්සිකා නගරාධිපතිවරයා විසින්.

උතුරු අප‍්‍රිකානු සම්භවයක් සහිත මුස්ලිම් පවුල් කිහිපයක් සහ ප‍්‍රාදේශීය තරුණ කණ්ඩායමක් අතර කොර්සිකා වෙරළ තීරයේදී ඉකුත් දා ගැටුමක් ඇති වුණා.

බුර්කිනි ඇඳ සිටි කාන්තාවකගේ ඡායාරූප ගැනීම මුස්ලිම්වරුන් විසින් වළක්වා ඇති අතර ගැටුම ඇති වී තිබෙන්නේ එම අවස්ථාවේදීයි.

කොර්සිකා වෙරළ තීරයේදී බුර්කිනි තහනම් කිරීමට මෙය ද බලපා තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.

4946442999_3a4373ddb2_o WZMN_01_20140614-33