Friday, March 29, 2024

General line - 0115112241

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පනත සම්මත කළ අයට මරණ දඬුවම දියයුතුයි



අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා වූ පනත සකස් කළ සහ ඊට පක්ෂව ඡන්දය ලබාදුන් සියලුදෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බව ජාතික රණවිරු එකමුතුවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්. රේඩියෝවේ අන්ලිමිටඞ් වැඩසටහනට ඊයේ (15) රාත‍්‍රී සහභාගි වෙමින්.

මානව හිමිකම් කි‍්‍රයාධරයෙකු වන රුකී ප‍්‍රනාන්දු ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ විශේෂ යාන්ත‍්‍රණයක් ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවයි.

අතුරුදන්වූවන් පිළිබඳ වීමේ විශේෂ යාන්ත‍්‍රණ ශ‍්‍රී ලංකාවේ දැනටමත් තිබෙන බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙහිදී කියා සිටියා. පරණගම කොමිසම ද ඊට උදාහරණයක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

සංවාදයට එක් වූ රුකී ප‍්‍රනාන්දු මීට ද ප‍්‍රතිචාර දැක්වූවා. ඔහු පැවසුවේ පැවති යාන්ත‍්‍රණවලින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සෑහීමකට පත් වී නොමැති බවයි.

නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න