Saturday, April 20, 2024

General line - 0115112241

ගම්මන්පිල කෙසෙල්වත්ත පොලිසියේ




පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ලැබී තිබුණු කැඳවීමක් අනුව අද (16) පෙරවරුවේ කොළඹ කෙසෙල්වත්ත පොලිසිය හමුවේ පෙනී සිටියා.

ඒ, තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇප මත මුදාහැරුණු අවස්ථාවේ සිදුකළ බව කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහායි.

උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා කළ අදාළ ප‍්‍රකාශයෙන් අධිකරණයට අපහාස වූ බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරියගේ නීතිඥවරුන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

පොලිස් විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

අදාළ සිද්ධිය සම්බන්දයෙන් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින් දැක්වේ.

gammanpila