Wednesday, April 24, 2024

General line - 0115112241

රන් පදක්කම් සටහනේ බ්‍රිතානය ඉදිරියට




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පදක්කම් සටහනෙහි රන් පදක්කම් ගණන අනුව චීනය අභිබවා යාමට මහා බි‍්‍රතාන්‍ය සමත් වී තිබෙනවා.

මහා බි‍්‍රතාන්‍ය මේ වන විට දිනාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 16ක්. චීනය දිනාගෙන ඇත්තේ රන් පදක්කම් 15ක් පමණයි.

රුසියාව රන් පදක්කම් 11ක් දිනාගෙන සිටිනවා. පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ අමෙරිකාවයි. රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 26ක් ඇතුළත්ව අමෙරිකාව දිනාගෙන ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 75ක්.

මේ අතර ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (16) උදෑසන පැවති රිටි පැනීම පිරිමි තරගයේදී නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සත්කාරක බ‍්‍රසීලය නියෝජනය කරන තියාගෝ ද සිල්වා සමත් වුණා. ඒ, මීටර් 6යි දශම 03ක දක්ෂතාවක් දක්වමින්.

dsd