Thursday, April 25, 2024

General line - 0115112241

පිළිතුරු බලන්න වැහෙන පාසල් මෙන්න




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර ලබන 29 වෙනි දින ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇගයීම් කටයුතු ලබන මස 11 වන දින දක්වා සිදුකෙරෙන අතර ඒ සඳහා පාසල් 27ක් යොදාගන්නා බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අතරින් පාසල් 06ක් එම කාලය තුළ සම්පූර්ණ වශයෙන් වසා තැබෙන අතර තවත් පාසල් 21ක් අර්ධ වශයෙන් යොදාගැනීමට නියමිතය.

මේ අතර මෙවර  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 29 වැනිදා සිට ලබන මස තුන්වැනිදා දක්වා සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා පාසල් 39 ක් යොදාගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අතරින් පාසල් 35 ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර එම පාසල්වල තෙවන වාරය ආරම්භ කෙරෙන්නේ ලබන මස 05 වැනිදායි.

(මේ සම්බන්ධ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)

 

downloaddownload (1) download (2)