Wednesday, April 24, 2024

General line - 0115112241

ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක්




ගාල්ල උඩුගම මාර්ගයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ගාල්ල දංගෙදර ප්‍රදේශයේ දී බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ

ගල් ප්‍රහාරය එල්ල කළ සැකකරු බවට හඳුනාගෙන ඇති පුද්ගලයාද  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බස් රථයේම ගමන් කර ඇති අදාළ පුද්ගලයා බස් රථයේ රියදුරු සමග ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් බස් රථයෙන් බැස මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙම සැකකරු 50 හැවිරිදි අයෙකු වන අතර මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.