Thursday, April 25, 2024

General line - 0115112241

නාමල්ගේ සමාගමේ අධක්ෂවරියක් රිමාන්ඩ්




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට අයත් බව කියන සමාගම් දෙකක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි සමරනායක ලබන 22 වැනිදා දක්වා අද (16) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

ඇයට එල්ල වී තිබූ චෝදනාව වූයේ අදාළ සමාගම් දෙක හරහා සිදුවූ රුපියල් මිලියන 45 ක මූල්‍ය අක‍්‍රමිකතාවකට ආධාර අනුබල ලබාදීමයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණේ.

මීට අමතරව අදාළ සමාගම් දෙකේ තවත් අධ්‍යක්ෂකවරියක් වූ සුජානි බෝගොල්ලාගමද අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඇය රෝහල්ගතව පසුවන බව ඇගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සහ අදාළ සමාගම් දෙකේ තවත් අධ්‍යක්ෂකවරයෙකු ඊයේ (15) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.