Tuesday, April 23, 2024

General line - 0115112241

කෞෂාල් සිල්වාගේ ශතකය පිටුපස ඇති වේදනාව හෙළිවෙයි




ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ශ‍්‍රී ලංකා දෙවන ඉනිමේදී කෞෂාල් සිල්වා රැස් කළ විශිෂ්ඨ ශතකය තුළ කිසිවෙකුත් නොදත් රහසක් සැඟවී තිබුණා.

කෞෂාල් අද (16) මෙම ශතකය රැස් කළේ ඊයේ (15) සිදුවූ තුවාලයට ඔහුගේ අතට මැහුම් 06 ක් දමා තිබියදීයි. එම වේදනාව යටපත් කරගනිමින් කෞෂාල් ශ්‍රී ලංකා ඉනිමට ශතකයකින් ශක්තියක් ලබා දුන්නා.

ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේ පන්දු රකිමින් සිටි අවස්ථාවේ පන්දුව වැදී කෞෂාල් සිල්වාගේ අතක් තුවාල වුණා.

මීට අමතරව කෞෂාල් රැස් කළ මෙම ශතකය තුළ තවත් වැදගත් කරුණක් ඇතුළත්ව තිබුණා. ඒ, ඔහු ටෙස්ට් තරගයකදී මෙලෙස ශතකයක් රැස් කළේ ඉනිම 25 කට පසුව වීමයි.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකාව කඩුලු 08 කට ලකුණු 312 ක් රැස් කර ගෙන සිටියා.

කෞෂාල් සිල්වා ලකුණු 115 යි. ඒ අනුව තවත් කඩුලු 02ක් අතැතිව ශ‍්‍රී ලංකාව ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 288ක් ඉදිරියෙන් සිටිනවා. ශ‍්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා තුන්වන ටෙස්ට් තරගයේ අවසන් දිනය හෙටයි.

Image00001hatton Image00002hatton Image00003hatton