Saturday, April 20, 2024

General line - 0115112241

ස්කොට්ලන්තය යුරෝපා සංගමය ගැන දැඩි අවධානයෙන්




යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටීමට එහි බලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට ස්කොට්ලන්තය තීරණය කර තිබෙනවා.

බීබීසී ලෝක සේවය වාර්තා කළේ යුරෝපා සංගමය තුළ ස්කොට්ලන්තයට හිමි ස්ථානය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.

ඉකුත් දා පැවති ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බි‍්‍රතාන්‍ය වැසියන් බහුතරයක් ප‍්‍රකාශ කර තිබුණා. එහෙත් එම ජනමත විචාරණයේදී බි‍්‍රතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු බවට ස්කොට්ලන්ත ජනතාවගෙන් අති බහුතරයක් ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වුණේ.