Friday, April 19, 2024

General line - 0115112241

අලුත් වෙනසක් ගැන අගමැතිගෙන් ඉඟියක්




ජනතාව වෙනුවෙන් අලුත් ලෝකයක් බිහි කිරීම යහ පාලන ආණ්ඩුවේ අපේක්ෂාව බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොව ජනතාවගේ සාක්කු පිරවීම ආණ්ඩුවේ ප‍්‍රමුඛ අපේක්ෂාව බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

“මේ සැරේ පෙරළිය ඇතිවුණේ බදුල්ලෙන්. 1818 වාගේ නෙමෙයි , මේ සැරේ ඌවෙන් පටන්ගත්ත කැරැල්ල මුළු රටටම ගිහින් , මුළු රට තුළම විශාල වෙනසක් ඇතිවුණා. අපි එදා ඒ පාර්ලිමේන්තු ඡන්දෙදි කිවුවා ජාතික ආණ්ඩුවක් ඇති කරනවා කියලා. ඇයි ඒ ජාතික ආණ්ඩුව ඇති කරේ ? ඒකට හේතුවක් තිබෙනවා. අපි බලයට ආවේ සාක්කු පුරවන්න නෙමෙයි. ඔබේ සාක්කු පුරවන්න. අපි ආවේ අපිට මාළිගා ගහන්න නෙමෙයි. ඔබට ගෙයක් ලබලා දෙන්න. අපි ආවේ අනුන්ගේ ඉඩම් අල්ලගන්න නෙමෙයි. ඔබට ඉඩම් අයිතිය ලබලා දෙන්න. අපි ආවේ හෙන්චයියලට වැඩකරන්න නෙමෙයි. තරුණ තරුණියන්ට රැකියා, ආදායම් මාර්ග ලබලා දෙන්න. අපිට ඕනේ අලුත් ලෝකයක් හදන්න. මේ තරුණයන්ට කැමති ලෝකයක්”.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට ගෙන ඇති ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.

“අපි භාරගත්තේ ලෝකයේ ලොකුම පිහිණුම් තටාකය හම්බන්තොට. තව අවුරුද්දක් දෙකක් යනකොට මම නැව් වළින් පුරවනවා. මලික් සමරවික්‍රම ඇමතිතුමා චීනෙන් ආපහු ආවේ මේ වරාය අපෙන් බදු දීලා අරගෙන , ඒ වරයා දියුණු කරලා , එතන වරායක් විතරක් නෙමෙයි නැව් තටාකයක් දාන්න , නැව් අලුත්වැඩියා කරන්න එතන ඉඳන් පටන් ගන්නවා.
දවසට එක ගුවන් යානයක් ආව මත්තල අරගෙන , මත්තලට අඩුම ගානේ ගුවන් යානා 50ක් හරි ගේන තත්ත්වයක් තමයි දැන් ඒ චීනෙන් ඒ සමාගම භාර අරගෙන අපිට ගෙවන්න යන්නේ. මත්තලට සංචාරකයෝ එනවා. දැනට අපෙන් ඉල්ලලා තිබෙනවා කර්මාන්ත කළාප දාන්න ඉඩම් , හම්බන්තොට පළවෙනි අක්කර දාහ දෙනවා. ඊලඟට තව ඉඩම් ඉල්ලනවා දෙදහා , තුන්දහ. ඒවා ටික අපි මොණරාගල පැත්තට දානවා ඌව පළාතට දෙන්න”.

1 4 7 9
13532768_799431743489667_634999405267211903_n