Tuesday, April 16, 2024

General line - 0115112241

තවත් ඔලිම්පික් බලාපොරොත්තුවක් බිඳ වැටේ




රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් වටය පිළිබඳ ශී‍්‍ර ලංකාවේ සුමේධ රණසිංහ තැබූ බලාපොරොත්තු අද (18) බිඳ වැටුනා. එ් මූලික වටයේ දී තරගකරුවන් 37 දෙනාගෙන් 36 වැන්නා බවට පත්වීමත් සමගයි.

ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 71 යි සෙන්ටීමීටර් 93ක් ලෙස සටහන් වුණා. සුමේධ රණසිංහ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් තබමින් මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සුදුසුකම් ලැබුවේ මීටර් 83 යි සෙන්ටිමීටර් 4ක දක්ෂතාවක් වාර්තා කරමින්. කෙසේ වෙතත් මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ඔහුට එම දක්ෂතාවට ආසන්න වීමටවත් හැකියාව ලැබුණේ නැහැ.

01 02