Tuesday, April 16, 2024

General line - 0115112241

පැය 24ක් ඇතුළත බදු අඩු කෙරෙන විශේෂ සාකච්ඡාවක්




හෙට (04) දිනයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පසු ඉහළ නංවා ඇති වැට් බදු සංශෝධනය කරන ආකාරය පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ව්‍යාපාරිකයින් ඇතුළු පාර්ශ්ව කිහිපයකගේ සහභාගිත්වයෙන් හෙට මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාවෙන් ගන්නා තීන්දු තීරණ මත ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු වැට් බදු සංශෝධනය කිරීමට සූදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ඉකුත් දින කිහිපයේ ප‍්‍රදේශ රැසක කඩසාප්පු වසා දමා විරෝධතා සංවිධාන කර තිබුණා.

හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු සුබවාදී පිළිතුරක් ලැබෙනු ඇති බවයි විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද ප‍්‍රකාශ කළේ.