Friday, April 19, 2024

General line - 0115112241

බස් අත්හරිද්දී සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයක




අද (03) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වීමට තිබූ බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කරද්දී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 10ක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය සහ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමයද ඒ අතරට අයත්.

හෙට (04) පෙරවරු 8 සිට මෙම සංකේත වර්ජනය ආරම්භ වීමට නියමිතයි.