Tuesday, April 23, 2024

General line - 0115112241

බැග්ඩෑඩයේ පිපිරීම්වලින් 125 ක් මරුට (UPDATE)




ඉරාකයේ බැග්ඩෑඞ් නුවර සිදුවූ මරාගෙන මැරෙන පිපිරීම් දෙකකින් පුද්ගලයින් 125 දෙනෙකු මියගොස් ඇති බව නවතම විදෙස් වාර්තා පවසනවා.

විදෙස් පුවත් වාර්තා වැඩි දුරටත් අනාවරණ කළේ පිපිරීම්වලින් තවත් පුද්ගලයින් 150 දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති බවයි.

බැග්ඩෑඞ් හි කරඩා නගරයේ වෙළෙඳ සංකීර්ණයක් අසළ පළමු පිපිරීම සිදුවුණා. ලොරි රථයක ඇටවූ මරාගෙන මැරෙන බෝම්බයක් එලෙස පුපුරුවාහැර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. රාමදාන් උත්සවයට සූදානම් වන ඉස්ලාමීය වැසියන් විශාල පිරිසක් පිපිරීම සිදුවන අවස්ථාවේ අදාළ වෙළෙඳ සංකීර්ණය තුළ රැඳීසිට ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. මෙම ප‍්‍රහාරයෙන් සුළු වේලාවකට පසු උතුරු බැග්ඩෑඞ් ප‍්‍රදේශයේ ද තවත් පිපිරීමක් සිදුවුණා. මේ වන විට බැග්ඩෑඩයේ දින 3 ක ශෝක කාලයක් ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

_90272932_mediaitem90272558 _90276270_gettyimages-544284672 1


 

බැග්ඩෑඩ් නුවර ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 79 මරුට

(Jul 3, 2016 @ 20:16)

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා ඇති සංඛ්‍යාව 131ක්. අවන්හලක් සහ වෙළෙඳ සංකීර්ණයක් ආසන්නයේ කාර් බෝම්බයක් පුපුරුවා හරිමින් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබුණා.

එහි වගකීම අයි එස් සටන්කාමීන් භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍යයන් හි සඳහන්.

1467539724187 ichef.bbci_.co_.uknews1024cpsprodpbB1D7production_90272554_mediaitem90272549-10364d9ac65e1b3afce012ff8f0d656dbf2acc7f