Friday, March 29, 2024

General line - 0115112241

මහින්දගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ලේකම් මෙන්න




ඒකාබද්ධ විපක්ෂය විසින් සෑදිමට නියමිත නව පක්ෂයේ ලේකම් තනතුර පවිත්‍රා වන්නිආරච්චි ලබාදීමට බැසිල් රාජපක්ෂ විසින් පොරොන්දුවක් ලබාදී ඇති බව අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධාකයින් පත් කිරීම පිළිබඳව ඊයේ ( 18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

පාද යාත්‍රා ගොස් පක්ෂයේ මූලස්ථානයට හූ තබා විනය කැඩූ අයට පියවර ගැනීමට එරෙහිව තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් අමාත්‍යවරයා මෙහෙදී කියා සිටියා.

‘‘දැන් පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය එහෙම බැසිල් රාජපක්ෂගේ ලණු කාලානේ මේක කලේ අලුත් පක්ෂයේ ලේකම් තනතුර එතුමියට දෙනවා කියලා පොරොන්දු වුණාම එතුමිය බැසිල් රාජපක්ෂ කියන කියන දේට හා කිව්වා බැසිල් සරණං ගච්චාමි බැසිල් සරණං ගච්චාමි කිය කිය තමා හිටියේ උදේ ඉඳන් හවසං වෙනකම් දැන් බැසිල් සරණත් නෑ‘‘ යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා..

කෙසේ වෙතත් පවිත‍්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක හා මහින්ද යාපා අබේවර්ධන වැනි පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් පිළිබද මීට වඩා සැලකිල්ලක් දැක්වීමට තිබූ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.