Friday, April 19, 2024

General line - 0115112241

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට එරෙහිව උතුරේත් විරෝධතා




අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බලන කාර්යාලයට විරෝධය පළ කරමින් කිලිනොච්චිය සහ මුලතිව් යන ප‍්‍රදේශවල උද්ඝෝෂණ පවත්වා තිබෙනවා.

එ් අදාළ කාර්යාලය කොළඹ පිහිටුවීමෙන් ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බව පවසමින්. උද්ඝෝෂණයට එක් වුවන් ප‍්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වූවන්ගේ කාර්යාලය කිලිනොච්චියේ හෝ මුලතිව් ප‍්‍රදේශයේ ස්ථාපිත කළ යුතු බවයි.

යුද සමයේ අතුරුදන් වුවන්ගෙන් වැඩි පිරිසක් කිලිනොච්චි සහ මුලතිව් ප‍්‍රදේශවලට අයත් බවද ඔවුන් පවසනවා. එබැවින් අදාල කාර්යාලය කොළඹ ස්ථාපිත කිරීමෙන් උතුරේ වැසියන්ට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමේදී මහත් අසීරුතාවකට මුහුණපෑමට සිදුවන බවයි උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ.

මෙම කරුණු ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට භාරදීමේ අරමුණින් ප‍්‍රදේශයේ දේශපාලනඥයින්ට ලබාදීමද මෙහිදී සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.