Thursday, March 28, 2024

General line - 0115112241

NDB බැංකු සමූහයට බිලියන 1.1ක බදු පසු ලාභයක්




NDB බැංකු සමූහය 2016 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට රුපියල් බිලියන 1.1ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දැක් වූ NDB බැංකු සමූහයේ මූල්‍ය හා උපායක‍්‍රමික සැලසුම් අංශයේ සහකාර නියෝජ්‍ය සභාපති චන්දන ගුණයංගොඩ පැවසුවේ දෙවන කාර්තුවේ සිය කාර්ය සාධනය ඉතා සීඝ්‍ර ලෙස වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණු බවයි.

ශුද්ධ පොලී ආදායම 10% කින්ද, ගාස්තු සහ පොලී ආදායම 15% කින්ද,තැන්පතු ප්‍රමාණය 12% කින්ද, ණය 22% කින්ද වර්ධනය වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.