Thursday, April 25, 2024

General line - 0115112241

හදවත් රෝගීන්ටත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ සහනයක්




හදවත් රෝගීන් සඳහා අවශ්‍ය ස්ටෙන්ට්ස් නමැති උපකරණය රෝගීන්ට නොමිලයේ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ස්ටෙන්ට්ස් යනු හෘදයේ වස්තුවට රුධිරය ඇතුළු පෝෂක කොටස් ගෙනයනු ලබන කිරීටක ධමනියේ ඇතිවන අවහිරතාවන් මගහැරවී සඳහ යොදා ගන්නා උපකරණයක්.

හෘද රෝග ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ඇන්ජියෝ ප්ලාස්ටික් ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය වන මෙම ස්ටෙන්ට්ස් නොමිලයේ ලබාදෙන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කර ඇත්තේ. ඒ සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් මිලියන 1.2ක්.

මෙතෙක් කලක් සිදුවූයේ රෝගීන් විසින් ස්ටෙන්ට්ස්, පෞද්ගලික සමාගම්වලින් මිලදී ගෙන ශල්‍යකර්ම සඳහා යොදා ගැනීමයි.