Thursday, April 25, 2024

General line - 0115112241

බංග්ලාදේශ පුහුණුකරු බලඇනියෙන් කල්පගේ ඉවතට




බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ශී‍්‍ර ලංකාවේ රුවන් කල්පගේ ඉවත්කර තිබෙනවා.

බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ නියමිත දිනට ඔහු සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

සේවයට වාර්තා කරන ලෙසට දන්වා රුවන් කල්පගේට ලිපියකින් දැන්වුවද ඔහු ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර බංග්ලාදේශයේදී සිය පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී රුවන් කල්පගේ කනස්සල්ල පළ කර තිබූ බවයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ සහ අභ්‍යාස පුහුණුකරු ලෙස මාරියෝ විල්ලවරායන් තවදුරටත් කටයුතු කරනවා.