Thursday, March 28, 2024

General line - 0115112241

කැන්ගරුවන්ට එරෙහි එක්දින ගැටුමට ශ්‍රී ලංකා පිළ නම් කරයි




ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන අතර උප නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්.

කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, තිලකරත්න ඩිල්ෂාන්, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, අවිෂ්ක ප‍්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක සහ නුවන් ප‍්‍රදීප් ද කණ්ඩායමට ඇතුළත්. සුරංග ලක්මාල්, තිසර පෙරේරා, දිල්රුවන් පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, ලක්ෂාන් සඳකැන් සහ අමිල අපොන්සු කණ්ඩායමට නම් කර ඇති සෙසු ක‍්‍රීඩකයින් වනවා.

දෙරට අතර පළමු එක්දින තරගය ලබන ඉරිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

cric