Tuesday, April 16, 2024

General line - 0115112241

සාලාවේ වැසියන්ගෙන් ආණ්ඩුවට රතු නිවේදනයක්




ලබන අඟහරුවාදා වන විට අපේක්ෂිත සහන නොලැබුණහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව සාලාව අවි ගබඩාවේ පිපිරීමෙන් විපතට පත් වූ ජනතාව පවසනවා.

සිය ගැටලූ සම්බන්ධයෙන් සීතාවක ප‍්‍රාදේශීය ලේකම්වරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුවයි ඔවුන් මේ බව කියා සිටියේ.

සහන කඩිනමින් ලබා දිය යුතු බවත්,ලබන අගහරුවාදා වෙද්දි මූලික මට්ටමේ මුදල් තැන්පත් කිරීම් වන්දි ගෙවීම් ආදියට එකඟ විය හැකි විසඳුමක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා