Thursday, April 25, 2024

General line - 0115112241

දඹුලු මහා විහාරයේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන්නැයි බලපෑම්




බෞද්ධ සිද්ධස්ථාන ලෝක උරුම ලෙස නම් කිරීමෙන් යුනෙස්කෝ සංවිධානය උත්සහ කරන්නේ ඒවා අකර්මණ්‍ය කිරීමට බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය දානියාගම ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ රංගිරි දඹුලු රජ මහා විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එරීනා බොකෝවා ඉකුත් දා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්.

රංගිරි දඹුලූ රජ මහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ පවසා සිටියේ රංගිරි දඹුලු රජ මහා විහාරය බෞද්ධ උරුමයක් මිස ලෝක උරුමයක් නොවන බවයි. යුනෙස්කෝ ඇතුළු අන්තවාදීන් මැදිහත් වී මෙය විනාශයක් කිරීමට කටයුතු සිද්ධ කරනවා නම් ඒ සම්බන්ධව කිසියම් තීරණාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාතමක කිරීමට සිදුවන බවත් උන්වහන්සේ සඳහන් කළා.

යුනෙස්කෝ සංවිධානය අනවසර ඉදිකිරීමක් ලෙස පෙන්වා දී ඇත්තේ විහාරස්ථානයට පහළින් ඉදිකර ඇති රන් ආලේපිත බුද්ධ ප‍්‍රතිමාවක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ලෝක උරුම ලේබලය රැකගැනීම සඳහා එය ඉවත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි භික්ෂූන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.