Friday, April 26, 2024

General line - 0115112241

ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප්‍රසිද්ධියේ නිරුවත් කරලා (PHOTOS)




ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජීවමාන ප‍්‍රමාණයේ නිරුවත් අනු රූ කිහිපයක් එරට ප‍්‍රධාන නගර කිහිපයක වීදි අසල පිහිටුවා තිබෙනවා.

නිව්යෝර්ක්, ලොස්ඇන්ජලීස්, සියැටල්, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ ක්ලිව්ලන්ඞ් යන නගරවල මෙම අනු රූ පිහිටුවා තිබුණු බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. ක්ලිව්ලන්ඩ් හි කලාකරුවෙකු ඒවා නිර්මාණය කර ඇතැයි ද මෙම අනු රූ අදාළ ස්ථානවල පිහිටුවා ඇත්තේ ඉන්ඩික්ලයින් නම් සංවිධානයක් බවද බී.බී.සී. ලෝක සේවය කියා සිටියා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්ඩික්ලයින් සංවිධානය පැවසුවේ අමෙරිකානු සමාජයේ වඩාත්ම අපකීර්තිමත් දේශපාලනඥයෙකුගේ අප‍්‍රසන්න ආත්මය මෙම අනු රූ මගින් හෙළිදරව් කිරීමට තමන් උත්සහ කළ බවයි. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මෙම නිරුවත් අනු රූ අසලින් ගමන් කළ ඇතැම් අමෙරිකානු වැසියන් ඒ සමග ඡායාරූප ගැනීමට සහ ඒවා සිප වැලඳ ගැනීමටද කටයුතු කර තිබෙනවා.

නිව්යෝර්ක් නුවර බලධාරීන් පැවසුවේ මෙම අනු රූ වීදි අසල පිහිටුවා ඇත්තේ අනවසරයෙන් බවයි. ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔවුන් කියා සිටියා. කෙසේ වෙතත් මෙම අනු රූ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් හෝ ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරක කාර්යාලය මේ දක්වා කිසිදු ප‍්‍රතිචාරයක් පළ කර නැහැ.

_90842175_mediaitem90842174

_90842177_mediaitem90842176

_90842179_mediaitem90842178

_90842181_mediaitem90842180

_90842247_mediaitem90842246

_90842249_mediaitem90842248

_90842251_mediaitem90842250

_90842253_mediaitem90842252