Tuesday, April 23, 2024

General line - 0115112241

සේවකයෙකුගේ වැරැද්දකට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාව ඉල්ලයි!




ජර්මනියේ, ෆ්‍රැන්ක්ෆට් ගුවන් තොටුපොළින් ඊයේ (19) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා UL554 දරණ ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබු යානයක් ප්‍රමාද වීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

තම කාර්යය මණ්ඩලයේ එක් සේවකයෙකු නොමැතිවීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.

මේ හේතුවෙන් අදාළ ගුවන් යානය පැය 15ක කාලයක් මෙරටට පැමිණීමට ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රමාද දෝශය හේතුවෙන් අපහසුතාවයට ලක් වූ මගීන්ට නවාතැන් පහසුකම් හා  ආහාරපාන සපයා ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් සමාව අයද සිටින බවත් රෙගුලාසිවලට අනුව මගීන්ට වන්දියක්ද ලබා දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.