Friday, April 19, 2024

General line - 0115112241

පොලිස් අධිකාරීට දෙහි කැපූ පොලිස් කොස්තාපල්!




සහකාර පොලිස් අධිකාරීවරයෙකුට බැණ වැදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අහුංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

සැකකාර කොස්තාපල්වරයා ඊයේ රාත‍්‍රී රථවාහන නීති කඩකරමින් ත‍්‍රීරෝද රථයක් පදවාගෙන ගොස් තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමසා ඇති අතර කොස්තාපල්වරයා ඔහුට බැණ වැදී ඇත්තේ එම අවස්ථාවේදීයි.

පසුව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පැමිණි අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ද සැකකාර කොස්තාපල්වරයා විසින් බැණ වැදී ඇති බවයි පැවසෙන්නේ.