Saturday, April 20, 2024

General line - 0115112241

මහේෂ් සහ මංජුලා මැරතන් ධාවන තරග ජයගනී (PHOTOS)




42 වන ජාතික කී‍්‍රඩා උළෙලට සමගාමීව අද (20) පැවති පිරිමි සහ කාන්තා මැරතන් ධාවන තරග ජය ගැනීමට මහේෂ් ගුණතිලක සහ මංජුලා කුමාරසිංහ සමත් වුණා.

අද අලුයම මෙම තරගය ආරම්භ කෙරුණේ කුලියාපිටිය ශී‍්‍ර ශාසනාලංකාර විහාරස්ථානය අසලින්.

පිරිමි මැරතන් තරගය ජයගත් බස්නාහිර පළාත නියෝජනය කළ මහේෂ් ගුණතිලක වාර්තා කළ කාලය පැය 2:27.27ක්.

කාන්තා ඉසව්වේ ජය හිමිකරගත් බස්නාහිර පළාතේ මංජුලා කුමාරසිංහ පැය 2:58.19කින් එම ඉසව්ව නිම කළා.

Image00001

Image00002

Image00003

01 02