Saturday, April 20, 2024

General line - 0115112241

ඉවත් කෙරෙන කඳවුරු ගැන ආරක්ෂක ලේකම් කතා කරයි




ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන අයුරින් උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 64 ක් අගෝස්තු මස 31 වනදා වනවිට ඉවත් කිරිමට සැලසුම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වි තිබුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ආරක්‍ෂක ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළා.

“ඔය කියන ඒවා කඳවුරු නෙමෙයි. 10 ක් 12ක් ඉන්න පොඩි පොඩි තැන්. ඒවා ඉවත්කරලා අපි එක්තැන් කරන වැඩපිළිවෙලක් කරගෙන යනවා”.

ඒවා ඉවත් කිරීම උතුරේ ආරක්ෂාවට බලපෑමක් එල්ලකරන්නේ නැද්ද ?

“ආරක්ෂාවට බලපෑමක් ඇතිවෙනවනම් ඒක ආරක්ෂක අමාත්‍යංශයෙත් , යුද හමුදාවේත් වගකීමක්. ‍රටේ ආරක්ෂාව ගැන බලමින් තමයි කටයුතු කරන්නේ”.