Tuesday, April 16, 2024

General line - 0115112241

තෙල්දෙණියේ ඉන්ධන හලක ගින්නක් (PHOTOS)




මහනුවර – මහිංයංගණය මාර්ගයේ තෙල්දෙණිය ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇති වු ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

අද පස්වරු 4.30 ට පමණ ඇති වූ මෙම ගින්න හේතුවෙන් මහනුවර මහියංගණය ප‍්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමුණා.

ගින්නෙන් ඉන්ධන පිරවුම් හලට සහ එහි නවතා තිබූ බවුසර් දෙකකට හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් ඉන්ධන පිරවුම්හල අසල නිවසයකටද හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගයේ තෙල්දෙණිය ප‍්‍රදේශයේ තවමත් රථ වාහන තදබදයක් පවතින බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.

Image00001fire Image00002fire Image00003fire Image00004fire