Thursday, April 18, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය ගත් තීරණයේ ප්‍රතිවිපාක තවත් වසර 5කින්




බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයේ ප‍්‍රතිවිපාක තවත් වසර 5ත් 10ත් අතර කාලයකින් ලෝක ආර්ථිකයට අත්විඳීමට සිදුවනු ඇතැයි චීනය පවසනවා.

චීන මුදල් අමාත්‍යවරයා පැවසුවේ මෙම තීරණය, චීනයට මෙන්ම සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

මේ අතර ජනමත විචාරණයෙන් පසු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයද දෙදරා යාමේ තත්වයක්ද උද්ගත වී ඇති බවද විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ එම පක්ෂයේ ඡායාරූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් හරි අඩක් පමණ ඉල්ලා අස්වීමට සූදානම් වීමත් සමගයි.

පක්ෂ නායකයා ජනමත විචාරණයේ දේශපාලන ව්‍යාපාරය මෙහෙය වූ ආකාරය ඊට හේතු වී තිබෙනවා.