Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ජිනේරු පිඨයේ හටගත් ගින්න නිවාදැමේ (VIDEO)




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රසායනාගාරයක ඊයේ (03) රාති‍්‍රයේ හටගැනුණු ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා.

ඊයේ රාත‍්‍රී 7.45 පමණ මෙම ගින්න හටගැනුණා. ඉන් රසායනාගාරය මුළුමනින්ම විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපවත්වනු ලැබුවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවයි දැනට සැකකෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

fire www.nethfm.com1 fire www.nethfm.com2 fire www.nethfm.com3 fire www.nethfm.com4

……………………………………………………..

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගින්නක්

Jul 3, 2016 @ 21:24

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පිඨයේ රසායනාගාරයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.