Thursday, March 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට 228ක ඉලක්කයක්




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව කඩුලු 8කට ලකුණු 227ක් රැස්කළා.

එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී රැස්කළ ලකුණු 80 සහ කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු 67 කැපී පෙනුණා.

චන්දිමාල්ගේ අර්ධ ශතකය අඛණ්ඩව රැස්කළ 5වන එක්දින අර්ධ ශතකය වීම ද විශේෂ සිද්ධියක්.

පන්දු යැවීමේදී ජේම්ස් ෆොල්ක්නර් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 38කට කඩුලු 4ක් බිඳහෙලුවා.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වෙනවා.