Saturday, April 20, 2024

General line - 0115112241

වන අලි රකින්න වේග සීමා එයි




දුම්රිය මාර්ගයන්හි වනඅලීන් ගැවසෙන ස්ථානවල වේගසීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තු සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වනඅලීන් ගැවසෙන දුම්රිය මාර්ගයන්හි ඊයේ (20) සහ අද (21) දින සිදුකරන ක්ෂේත‍්‍ර චාරිකාවකින් අනතුරුව ඒ පිළිබද අවධානය යොමුකර තිබෙනවා.

එම ක්ෂේත‍්‍ර චාරිකාවට එක්ව සිටින කණ්ඩායමේ නිලධාරීයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ වනඅලීන් ගැවසෙන ප‍්‍රදේශවල දුම්රිය මාර්ග දෙපස තිබෙන පදුරුද කපා ඉවත් කෙරෙන බවයි.

එවිට වනඅලීන් ගැවසී සිටින ස්ථාන දුම්රිය රියදුරන්ට මනාව පෙනෙන බවයි මෙහිදී යෝජනා වී ඇත්තේ.

වනඅලීන් කණ්ඩායම් ලෙස සිටින අවස්ථාවලදී ගම්වාසීන්ට ඒ පිළිබද වනජීවි දෙපාර්තමේන්තුවට දැන්විය හැකි ක‍්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍යතාවද මෙහිදී කතාබහට ලක්වී තිබෙනවා.

එම තොරතුර අදාළ දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රිය රියදුරන් දැනුවත් කිරීමට වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් වනඅලීන්ට වන හානි අවම කර ගතහැකි බවයි මෙහිදී පැහැදිලි වී ඇත්තේ.