Thursday, April 25, 2024

General line - 0115112241

පිලිපීන ජනාධිපතිගෙන් තර්ජනයක්




එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වන බවට පිලිපීන ජනාධිපති රොද්රිගෝ ඩූටාර්ටේ (Rodrigo Duterte) තර්ජනය කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ මත්ද්‍රව්‍යවලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර් ජාතික නීතිය යටතේ එරෙහි වන්නේ නම් වෙනත් සංවිධානයක් ගොඩනැගීමට සූදානම් බවයි.

ඒ වෙනුවෙන් පිලිපීන ජනාධිපතිවරයා චීනය සහ අප‍්‍රිකානු රටවලින් ද සහාය අපේක්ෂා කරනු ඇතැයි සඳහන්.

ඉකුත් මැයි මාසයේ බලයට පත්වූ පිලිපීන ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා දැමීම අනුමත කරනු ලැබුවා.

එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළේ.

පිලිපීන ජනාධිපතිවරයා ධුරයට පත්වූ ඉකුත් මැයි මස 9 වෙනිදා සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන 900ක් මරා දමා තිබෙනවා.