Friday, April 19, 2024

General line - 0115112241

‘බස් වර්ජනය පාවා දුන්නේ බස් සංගම්’




ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අද (04) දිනයේ කි‍්‍රයාත්මක කිරීමට තිබූ වර්ජනය පාවාදීමට ඇතැම් බස් සංගම් නියෝජිතයින් කටයුතු කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එහි ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා ප‍්‍රකාශ කළේ ගැමුණු විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එලෙස වර්ජනය පාවාදීමට මූලිකව කටයුතු කළ බවයි. කෙසේ වෙතත් ලබන බදාදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් වර්ජනයක් ආරම්භ කරන බවයි අංජන ප‍්‍රියන්ජිත් මහතා ප‍්‍රකාශ කළේ.

ජුලි මස පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි බස් ගාස්තු සංශෝධනය කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට බස් සංගම් තීරණය කර තිබුණා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ බස් සංගම් නියෝජිතයින් අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු වර්ජනය අවලංගු කිරීමටයි බස් සංගම් තීරණය කළේ.