Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රථම එක්දින තරගයේ ජය කැන්ගරුවන්ට




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගය කඩුලු 3කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (21) සමත්වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 227ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 80ක් රැස් කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 7ක් දැවී 228ක් ලබාගනිමින් සිය ජය තහවුරු කළා.

තරග 5කින් සමන්විත මෙම තරගාවලිය එකට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටිනවා.

aus sl