Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු LTTE සාමාජිකයන් වෙනුවෙන් සිවාජිලිංගම් තවමත් සටනේ




පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සියලුදෙනා කෙසේ හෝ පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කළේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීම තම අපේක්ෂාව බවයි.

මෙම කටයුත්ත සඳහා විදෙස් රටවල ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව එම්.කේ. සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර වෛද්‍ය වාර්තා ලබාදෙන ලෙසට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කළ ඉල්ලීම අමෙරිකානු වෛද්‍යවරුන් ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

මේ අතර ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ඉකුත් දා ප‍්‍රකාශ කළේ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හදුනා නොගත් රෝගයකින් මියගිය බව පැවසුනද ඒ සම්බන්ධයෙන් පළාත් සභාව සතුව වාර්තා කිසිවක් නොමැති බවයි.