Thursday, April 25, 2024

General line - 0115112241

ඉවත් කළයුතු සංවිධායකයන් ගැන අතාවුදගෙන් හෙළිදරව්වක්




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කළයුතු තවත් ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු සිටින බව හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න පවසනවා.

රුවන්වැල්ලේ ඊයේ (21) පැවති උත්සවයකින් අනතුරුව නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යළි ගොඩනැගීමට නම් ඔවුන්ද එම තනතුරුවලින් වහා ඉවත් කළයුතු බවයි.

“ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හැදුනේ විපක්ෂය වෙනුවෙන් කතාකරන්න ඕනේ කියලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෛත්‍රිය නිසා හැදිච්ච එකක් කියලා. ඇත්තටම පක්ෂයක වෙනම විපක්ෂයක් හැටියට හැදිලා කටයුතු කරන්න අයිතියක් නැහැ , යුතුකමක් නැහැ ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක අයින් කරන්න ඕනේ.

යම් යම් සංවිධායකවරු අයින් කරලා තියෙනවා. මේ සංවිධායකයන් මීට කලිනුයි අයින් කරන්න තිබුනේ. අයින් කළයුතු කට්ටිය තව ඉන්නවා. කකුල් දෙක දෙපැත්තේ තියාගත්තු කට්ටිය ඉන්නවා මේකේ. ඒ අය ගැන විශ්වාසයක් තියලා දේශපාලනය කරගෙන පක්ෂය ගොඩ නගාගෙන යන්න බැහැ”.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේද එවැනි සංවිධායකවරුන් කිහිප දෙනෙකුම සිටින බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියාසිටියේ.

“දැන් මේ සංවිධායකවරු වගයක් ඉවත් කරනකොට දැන් බයවෙලා. ඒගොල්ලෝ තමන්ගේ තනතුරු රැකගන්න මේකේ එල්ලිලා ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා එහෙම ඉන්න. ඒ අය ගැනත් ඉදිරියේදී තීන්දු ගන්න සිද්ධවෙනවා කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේ අය කෑගල්ලේ විතරක් ඉන්න අය නෙමෙයි. අනිත් දිහා වල ඉන්න අයටත් එක්ක තමයි අපි යෝජනා කරන්නේ. මොකද එතකොට අපේ මිනිහෙක් දාලා සංවිධාන කරගන්නත් විදිහක් නැහැ අන්තිම මොහොතේ මොන කරණම ගහයිද දන්නේ නැහැ”.