Friday, April 19, 2024

General line - 0115112241

‘මම පැරදුණු බව පිළිගන්නවා’ – සන්ධාන මහ ලේකම්




එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි කරවීමට තමන් ගත් උත්සාහය අසාර්ථක වූ බව එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සන්ධානයෙන් හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භේද කරවීමට කිසියම් පිරිසක් උත්සහ දරන්නේ නම් ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් නව පක්ෂයක් බිහිකරන බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඊට පිළිතුරු ලබාදෙමින් මහින්ද අමරවීර මහතා මේ බව කියා සිිටියා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂය එකතු කිරීමේ වෑයම තමන් පැරදුණු බවත් එය තමන් පිළිගන්නා බවයි. මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන තැන සිට ශක්තිමත් ලෙස සංවිධානය කරන්නට කටයුතු කරන බවත් සඳහන් කළා.

පක්ෂය දෙකඩ කරවීමට උත්සහ දරන පිරිස් ඉදිරිපත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් සඳහන් කළේ එම ඉල්ලීම් ඵල රහිත බවයි.