Saturday, April 20, 2024

General line - 0115112241

චන්දිමාල්ට සී ටී ස්කෑන් පරීක්‍ෂණයක්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට අද (22) දිනයේ සී ටී ස්කෑන් පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිත බව කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක පවසනවා.

ඊයේ (21) තරගයේදී ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක මොයිසස් හෙන්රිකර්ස් යැවූ පන්දුවක් චන්දිමාල්ගේ පපුව ප‍්‍රදේශයේ වැදීම හේතුවෙන් චන්දිමාල් ආබාධයකින් පෙළුණා.

කෙසේවෙතත් චන්දිමාල් ඊයේ තරගයේදි නොදැවී ලකුණු 80 ක් රැස් කළා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පැවසුවේ චන්දිමාල්ගේ පපුව ප‍්‍රදේශයේ තරමක වේදනාවක් පවතින බැවින් අද දිනයේ ඔහු සී ටී ස්කෑන් පරීක්‍ෂණයකට ලක්කරන බවයි.