Friday, April 19, 2024

General line - 0115112241

බ‍්‍රසීල පාපන්දු නායකත්වයෙන් නේමාර් ඉවත් වෙයි




සුපිරි පාපන්දු කී‍්‍රඩක නේමාර් ද සිල්වා බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වූ බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරුවේ නේමාර් ද සිල්වායි.

ඔහුගේ නායකත්වය යටතේ බ‍්‍රසීලය මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී පිරිමි පාපන්දු ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.

බ‍්‍රසීලයට පාපන්දු ඉසව්වෙන් රන් පදක්කමක් දිනාදුන් පළමු නායකයා ලෙසටයි නේමාර් ද සිල්වා ඉතිහාසයට එක්වුණේ.

නේමාර් ද සිල්වා මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේදී ගෝල 4 ක් වාර්තා කිරීමට සමත් වුණා.