Friday, April 26, 2024

General line - 0115112241

ඉවත් කෙරුණු තනතුරු යළිත් ගන්න හැටිත් කියයි




තනතුරුවලින් ඉවත් කෙරුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකවරුන්ට අවශ්‍ය නම් නැවත එම තනතුරු ලබාගත හැකි බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.

කොළඹ අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවා. එසේ නම් ඔවුන් නිවරැදී වී ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගත යුතු බවයි එහිදී සඳහන් කෙරුණේ.

ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වලට ගියාට ගැටළුවක් නැති වූවත් පක්ෂය කඩන වැඩ කරන්නට නොහැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.