Thursday, April 25, 2024

General line - 0115112241

නාමල් අනුකම්පා කරනවලු




ආණ්ඩුවට අනුකම්පා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ රක්ෂිත බන්ධනාගාරගතව සිට අද (22) ඇප මත මුදාහැරීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.

අද වත්මන් ආණ්ඩුවට රටට කියන්නට දෙයක් නොමැති නිසා තමන් වැනි අයව බන්ධනාගාර ගත කරන බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ඉකුත් 15 වෙනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියා. ඔහු ඇප මුත මුදාහැරුණේ කොළඹ අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය අද ලබාදුන් නියෝගයක් අනුවයි.