Saturday, April 20, 2024

General line - 0115112241

විෂ කතාව ගැන අහන්න විග්නේෂ්වරන් අගමැති හමුවෙයි




හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමේදී විෂ එන්නත් ලබා දී ඇතැයි පවතින සැකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (23) අග‍්‍රාමාත්‍යවරයා හමුවන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (22) පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදීයි. මේ පිළිබඳ විවිධ අය විවිධ මත පළ කරන බවත් සත්‍ය කුමක්දැයි තවම නොදන්නා බවත් පැවසුවා. සාකච්ඡාවෙන් පසු යහපත් තීරණයකට එළඹිය හැකි යැයි සිතන බවත් සඳහන් කළා.