Wednesday, April 24, 2024

General line - 0115112241

“ඉදිරියෙත් සෙනඟ නැහැ – පිටුපසත් සෙනඟ නැහැ”




ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මාතර ඉකුත් දා පැවැත් වූ උත්සවයට සහභාගි වූ පිරිස උපරිමය දෙදහසක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

හෙතෙම සඳහන් කළේ එම පිරිස ගෙන්වා ගන්නට හවුල් ආණ්ඩුවට විරෝධී පිරිසටත් ආරාධනා කර තිබූ බවයි. හවුල් ආණ්ඩුව බලයට පත්වූ දින සිට අඛණ්ඩව විවේචනය කරන තමාටද එම උත්සවයට පැමිණෙන ලෙස ආරාධනා පත්‍රයක් එවා තිබූ බවත් පැවසුවා. ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් එම ආරාධනාව ලැබී තිබූ බවත් පෙන්වා දුන්නා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම උත්සවයේදී කළ කතාව පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. ජනාධිපතිවරයාගේ එම කතාව ජනාධිපතිවරයෙකුට නොගැලපෙන මට්ටමේ එකක් බවයි එහිදී පැවසුවේ.

එහිදී වැඩි දුරටත් පැවසුවේ “ජනාධිපතිවරයා වේදිකාවට නැග ඉදිරිය බලද්දී පිට්ටනියෙ සෙනඟ නැහැ. පිටුපස බලද්දි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ කවුරුත් නැහැ. නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, ජෝන් සෙනෙවිරත්න වගේ කට්ටියනෙ ජ්‍යෙෂ්ඨයො කියන්නෙ. ඉස්සරහත් කට්ටිය නැහැ.. පිටිපස්සෙත් කට්ටිය නැහැ..” යනුවෙනි.

උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

(එම හඬපයට පහතින් දැක්වෙයි)