Wednesday, April 24, 2024

General line - 0115112241

සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට (UPDATE)




හෙරොයින් කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 525ක් සමග අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ වැල්ලවත්ත පොලිස් වසමේ ප‍්‍රනාන්දු මාවතේදී අත්අඩංගුවට ගත් සැකකරු අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 500ක් සොයා ගැනුනා. ඔහු අත්අඩංගුවට ගැනුනේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ප‍්‍රදේශයේදී ඊට පෙර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුවයි.

ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 25ක් සොයා ගැනුනා. එම සැකකරුද අද අලුත්කඬේ අංක 4 අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයි.

……………………………………………………..

උදේ අල්ලපු සැකකරු හවස වැඩේ ගැන ඔත්තුව දෙයි

Aug 22, 2016 @ 19:26

රුපියල් ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් වැල්ලවත්ත ප‍්‍රදේශයෙන් අද (22) පස්වරුවේ සොයා ගැනුණා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කෙරුණු වැටලීමකදීයි.

සැකකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හෙරොයින් තොගය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ අද  පෙරවරුවේ අත්අඩංගුවට ගත් වෙනත් සැකකරුවෙකු මාර්ගයෙන්.