Saturday, April 20, 2024

General line - 0115112241

මහින්දත් රහසක් හෙළි කරයි




අලුතින් පක්ෂ බිහිවීම, බලපෑම් කිරීමෙන් නතර කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ බත්තරමුල්ල සමෘද්ධි සංගම් ශාලාවේ අද (22) පැවති උත්සවයකදීයි.

ඉකුත් මහමැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා සමග සිදුවූ කතාබහක් ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අනාවරණ කළා. එහිදී ඔහු පැවසුවේ “ආසන 95 ක් ලැබුණම ජනාධිපතිතුමා කතා කරලා කිව්වා මම දැනගත්තා ඔයාලා 117 ක් ගනී කියලා.. ඒ නිසා තමයි මම කට්ටිය අස් කළේ කියලා. අස්කරපු හින්දා තමයි ඔයාලට 95 ලැබුණෙ කියලා.” යනුවෙනි.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 19 වැනි නියෝජිත සම්මේලනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.