Thursday, April 25, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවියේ සිසු ගැටුමක් – 3ක් රෝහලේ




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (22) රාති‍්‍රයේ ගැටුමක් ඇති වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ප‍්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඊයේ රාති‍්‍රයේ 8.15ට පමණ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් පළමු වසරේ සිසුන් පිරිසකට පහරදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඉකුත් විසි එක් වැනිදා විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමකට සහභාගි නොවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනවා.