Friday, April 19, 2024

General line - 0115112241

පාකිස්තානය කි‍්‍රකට් ඉතිහාසය වෙනස් කරයි




කි‍්‍රකට් ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමුවන ස්ථානය හිමිකර ගැනීම පාකිස්තාන කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ නවතම ශ්‍රේණිගත කිරීම් සටහනේ ප‍්‍රසාද ලකුණු 111ක් හිමිකර ගනිමින්.

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට දෙකක් ලෙස අවසන් කිරීමටද මිස්බා උල් හක් ප‍්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම ඉකුත්දා සමත් වුණා.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මීට පෙර පළමුවන ස්ථානයේ පසු වූ ඉන්දීය කණ්ඩායම දෙවන තැනට පත්ව තිබෙනවා.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි. එංගලන්ත කණ්ඩායම සිවුවන ස්ථානයේත්, නවසීලන්ත කණ්ඩායම 5 වන ස්ථානයේත් පසුවනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 6 වැනි ස්ථානයේයි.

14101886_10210446363421708_281547608_n 14111639_10210446328940846_561931506_n