Friday, March 29, 2024

General line - 0115112241

නව මහබැංකු අධිපති රාජකාරී අරඹයි (UPDATE)




නව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) දහවල් සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

ඒ, මහබැංකු මූලස්ථානයේදීයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා. ඒ, ජනාධිපති නිල නිවසේදීයි. එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්ව සිටියා.

0032 0077 7576 7583 7623 7626

 


 

නව මහබැංකු අධිපති පත් වෙයි

(Jul 4, 2016 @ 08:30)

නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) පෙරවරුවේ පත් කෙරුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එම පත්වීම් ලිපිය ප්‍රදානය කෙරුණා.

13555529_10209992943446492_293012169_o


 

නව මහබැංකු අධිපති අද වැඩ අරඹයි

(Jul 4, 2016 @ 07:18)

නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) පත් කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පත්වීම් ලිපිය පිරිනැමීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව අද පෙරවරුවේම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහබැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගනු ඇති. මහබැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය ඉකුත් 30 වෙනිදායින් අවසන් වුණා.